මුතු කුඩ ඉහලන මල් වරුසාවේ – රෝහණ වීරසිංහ – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-13
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ
රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී
ගායනය – රෝහණ වීරසිංහ
ගී පද රචනය – ලූෂන් බුලත්සිංහල
ගී තනුව – රෝහණ වීරසිංහ
Play / Download – Muthu Kuda Ihalana Mal Warusawe – audio mp3 from Cloud SJ – 3.38 MB
Continue reading “Muthu Kuda Ihalana Mal Warusawe – Rohana Weerasinghe – Guitar Chords Lyrics Mp3”