Manike Mage Hithe – Yohani De Silva – Official Cover – Lyrics Audio Mp3

මැණිකේ මගේ හිතේ – යොහානි ද සිල්වා – කවර් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-26

මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම් යාවී
ඇවිලේවී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ

ඉතිං එපා මටනං වංගු
ගත්තෙ හිත නුඹ මගෙන්ම හැංගු
ආලෙ නුඹටම වලංගු
මැණිකෙ වෙන්නෙපා තව සුනංගු
ගමෙ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹෙ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගෙ හිතත් නැහැ මටම මෙල්ල
කෙල්ලෙ කෙල්ලෙ
වෙලා මගේ හිත පත්තු
වෙනවද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන විදියට ගැස්සු
ඔයා දුන්න ඉඟියට මත්වු
බඹරෙකි මම තටු ඉස්සු
ඔයා වටකරගෙන රැස්වු
රොත්තෙන් හිත අරගත්තු බඹරා

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම් යාවී
ඇවිලේවී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ

හුරු පෙමක පැටලෙනා

හුරු පෙමක පැටලෙනා

ගායනය – යොහානි ද සිල්වා, සතීෂන් රත්නායක
ගී පද රචනය – දුලාන් ඒආර්එක්ස් (දුලන්ජ අල්විස්)
ගී තනුව – චමත් සංගීත්

Play / Download – Manike Mage Hithe (Official Cover) – sample audio in mp3 format on Cloud SJ – 3.27 MB

Continue reading “Manike Mage Hithe – Yohani De Silva – Official Cover – Lyrics Audio Mp3”

Manike Mage Hithe – Satheeshan Rathnayaka ft Dulan ARX – Lyrics Audio Mp3

මැණිකේ මගේ හිතේ – සතීෂන් රත්නායක – දුලාන් ඒආර්එක්ස් (දුලන්ජ අල්විස්) – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-25

මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම් යාවී
ඇවිලේවී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම් යාවී
ඇවිලේවී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී

ඉතිං එපා මටනං වංගු
ගත්තෙ හිත නුඹ මගෙන්ම හැංගු
ආලෙ නුඹටම වලංගු
මැණිකෙ වෙන්නෙපා තව සුනංගු
ගමෙ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹෙ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගෙ හිතත් නැහැ මටම මෙල්ල
කෙල්ලෙ කෙල්ලෙ
වෙලා මගේ හිත පත්තු
වෙනවද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සු
ඔයා දුන්න ඉඟියට මත්වු
බඹරෙකි මම තටු ඉස්සු
ඔයා වටකරගෙන රැස්වු
රොත්තෙන් හිත අරගත්තු බඹරා

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම් යාවී
ඇවිලේවී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී
සුකුමාලි නුඹ තමා

ගායනය – සතීෂන් රත්නායක, දුලාන් ඒආර්එක්ස් (දුලන්ජ අල්විස්)
ගී පද රචනය – දුලාන් ඒආර්එක්ස් (දුලන්ජ අල්විස්)
ගී තනුව – චමත් සංගීත්

Play / Download – Manike Mage Hithe – sample audio in mp3 format on Cloud SJ – 3.10 MB

Continue reading “Manike Mage Hithe – Satheeshan Rathnayaka ft Dulan ARX – Lyrics Audio Mp3”

Adaraye Ulpatha Wu Amma – Victor Rathnayake – Guitar Chords Lyrics Audio Mp3

ආදරයේ උල්පත වූ අම්මා – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-17

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
‍ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
‍ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

තුරුළට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
‍ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව – වික්ටර් රත්නායක

Play / Download – Adaraye Ulpatha Wu Amma – sample audio in mp3 format on Cloud SJ – 4.31 MB

Continue reading “Adaraye Ulpatha Wu Amma – Victor Rathnayake – Guitar Chords Lyrics Audio Mp3”

Thani Tharuwe – Victor Rathnayake – Guitar Chords Lyrics Audio Mp3

තනි තරුවේ – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-16

තනි තරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

තනි තරු‍වේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතග නෙතග පැටළි පැටළි
මුවග මුවග ඇළලි ඇළලි
නෙතග නෙතග පැටළි පැටළි
මුවග මුවග ඇළලි ඇළලි
මෙතෙක් දුරක් එක් වී පැමිණී

තනි තරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

මහද අරණෙ ළතැවි ළතැවි
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මහද අරණෙ ළතැවි ළතැවි
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත ඇදිලා සැනසී

තනි තරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

තනි තරුවේ
තනි තරුවේ
තනි තරුවේ ඒ ඒ ඒ
තනි තරුවේ

ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව – වික්ටර් රත්නායක

Play / Download – Thani Tharuwe – sample audio in mp3 format on Cloud SJ – 4.42 MB

Continue reading “Thani Tharuwe – Victor Rathnayake – Guitar Chords Lyrics Audio Mp3”

Hitha Mithuru Sulanga – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3

හිත මිතුරු සුළඟ – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-15

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු සැදෙයි
කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිළ ඉපිළ
ඉතිර යනතුරා
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළා බඳේ
කඩ ඉමෙන් මෙහා

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැණින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

ගායනය – ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තනුව – ආචාර්ය වික්ටර් රත්නායක

Play / Download – Hitha Mithuru Sulanga – sample audio in mp3 format on Cloud SJ – 3.39 MB

Continue reading “Hitha Mithuru Sulanga – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3”