Obe Namin Saeya Bandimi – WD Amaradeva – Lyrics Audio Mp3

ඔබේ නමින් සෑය බඳිමි – ඩබ්.ඩී. අමරදේව – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-10-04

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
(ඔබේ නමින් සෑය බඳිමි)
(විමානයෙන් බසිනු මැනවි)
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
(ඔබේ නමින් සෑය බඳිමි)
(විමානයෙන් බසිනු මැනවි)

ගායනය – ඩබ්.ඩී. අමරදේව
ගී පද රචනය – මහගම සේකර
ගී තනුව – ඩබ්.ඩී. අමරදේව

Play / Download – Obe Namin Seya Bandimi – sample audio in mp3 format on Cloud SJ – 4.63 MB

Continue reading “Obe Namin Saeya Bandimi – WD Amaradeva – Lyrics Audio Mp3”

Obe Dethol Pethi Lihee – Sasara Seri Sarana Thek – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3

ඔබෙ දෙතොල් පෙති ලිහී (සසර සැරි සරණ තෙක්) – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-10

ඔබේ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ළමින් සැලි සැලී
මෙවන් සුව ‍පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ ‍මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ ‍මගේ

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මඳ පවන් රැල් වැදී සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ ‍මගේ

යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ ‍මගේ

අහස් තල පොලෝ තල ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුනත් ගතින් දෙදෙනෙකු‍ වෙලා
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ ‍මගේ

ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව – වික්ටර් රත්නායක

Play / Download – Sasara Seri Sarana Thek – audio mp3 from Cloud SJ – 3.04 MB

Continue reading “Obe Dethol Pethi Lihee – Sasara Seri Sarana Thek – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3”