Hemadamath Yaluwe – Somathilaka Jayamaha – Lyrics Audio Mp3

හැමදාමත් යාළුවේ – සෝමතිලක ජයමහ – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-20

හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ

හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ

පිපි කු‍සුමෙහි රන් මුවරද
වෙත එන බිඟු සේමා
නිති ගෙ උයන වැද රඟදුන්
පැණි සමණල සේනා
සපැමිණ ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ
සපැමිණ ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ

හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ

සව් සිරි සැප මා අතහැර
අද වෙනතක ඇදිලා
පින් මද තනිකම තනියට
මගෙ පැල තුල රැඳිලා
බිතු සිතුවම් රූ වැනී
ඔබ කොතැන ද මිතු‍රනී
බිතු සිතුවම් රූ වැනී
ඔබ කොතැන ද මිතු‍රනී

හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ

හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ

ගායනය – සෝමතිලක ජයමහ
ගී පද රචනය – විජයසිරි අමරතුංග
ගී තනුව – සෝමතිලක ජයමහ

Play / Download – Hemadamath Yaluwe – sample audio in mp3 format on Cloud SJ – 2.79 MB

Continue reading “Hemadamath Yaluwe – Somathilaka Jayamaha – Lyrics Audio Mp3”

Adaraye Unusuma Langa – Somathilaka Jayamaha – Guitar Chords Lyrics Audio Mp3

ආදරයේ උණුසුම ළඟ – සෝමතිලක ජයමහ – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-19

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි

සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැඟෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

‍දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි

ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

ගායනය – සෝමතිලක ජයමහ
ගී පද රචනය – විජයසිරි අමරතුංග
ගී තනුව – අමරසිරි පීරිස්

Play / Download – Adaraye Unusuma Langa – sample audio in mp3 format on Cloud SJ – 2.85 MB

Continue reading “Adaraye Unusuma Langa – Somathilaka Jayamaha – Guitar Chords Lyrics Audio Mp3”

Dama Yannata Noheki Mihimatha – Somathilaka Jayamaha – Lyrics Mp3

දමා යන්නට නොහැකි මිහිමත – සෝමතිලක ජයමහ – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-12

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී ‍යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ උන්
ලබැඳි සිත් මල් පරව යනවිට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක් මය සසර මග දකිනා

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී ‍යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

බැඳුනු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පණ නල සමඟ රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ ‍නියත නික්මන සියළු බැමි සිඳිනා

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී ‍යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

ගායනය – සෝමතිලක ජයමහ
ගී පද රචනය – කුලරත්න ආරියවංශ
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Dama Yannata Noheki Mihimatha – audio mp3 from Cloud SJ – 3.56 MB

Continue reading “Dama Yannata Noheki Mihimatha – Somathilaka Jayamaha – Lyrics Mp3”

Somathilaka Jayamaha – Gee 16 – Album – 48MB

S.J – Adaraye – sindu.me.mp3
S.J – Denuwara – sindu.me.mp3
S.J – Hamadama – sindu.me.mp3
S.J – Kusum – sindu.me.mp3
S.J – Mahawarusawe – sindu.me.mp3
S.J – Manamala Girave – sindu.me.mp3
S.J – Nuga sewanak se – sindu.me.mp3
S.J – Oba Malak vela – sindu.me.mp3
S.J – Paliguthalawaka – sindu.me.mp3
S.J – Piyaman – sindu.me.mp3
S.J – Podiduwage Sinhina – sindu.me.mp3
S.J – Sada Aduru Galana – sindu.me.mp3
S.J – Sina Sisi – sindu.me.mp3
S.J – Vilthere Piyan – sindu.me.mp3
S.J – Wathsunu Suwandin – sindu.me.mp3
S.J – Yalubala Sande – sindu.me.mp3

Click here to download

Extract / unzip password – sindu.me