කඳුළු බිංදු හංග ගන්න – සනත් නන්දසිරි – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-11
කඳුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ
සතුටට මිස දුකට නොවෙයි ඒවා මීට පස්සේ
එකතුවෙන්න අපි දෙන්නා ආසිරි මල් වැස්සේ
පෙරුම් පිරූ හැටි මතක ද කල්ප කලක් තිස්සේ
කඳුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ
වේල් පටින් වැසුනු ඔබේ වත කමලේ සෝබා
තුසර පටින් වැසුනු සඳක අසිරි කියා පෑවා
මගේ ලොවට එළිය දෙන්න සඳ හිරු පොරකෑවා
ඔබේ නීල නෙතු කැල්මට ඒ පරාද වූවා
ඒ පරාද වූවා
කඳුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ
සතුටට මිස දුකට නොවෙයි ඒවා මීට පස්සේ
එකතුවෙන්න අපි දෙන්නා ආසිරි මල් වැස්සේ
පෙරුම් පිරූ හැටි මතක ද කල්ප කලක් තිස්සේ
කඳුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ
දෙසිත බැඳී කටුක මගේ ගව් ගණනක් ආවා
දෑඟිලි බැඳ පෝරුව මත එමග පෙහෙලි වූවා
දෙහදක හඬ එකම හඬක් ලෙස සවනත ගාවා
අප හදවත් නවතින තුරු අපි අපේම වේවා
අපි අපේම වේවා
කඳුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ
සතුටට මිස දුකට නොවෙයි ඒවා මීට පස්සේ
එකතුවෙන්න අපි දෙන්නා ආසිරි මල් වැස්සේ
පෙරුම් පිරූ හැටි මතක ද කල්ප කලක් තිස්සේ
කඳුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ
ගායනය – සනත් නන්දසිරි
ගී පද රචනය – රනිල් ජයසේන
ගී තනුව – සනත් නන්දසිරි
Play / Download – Kandulu Bindu Hanga Ganna – audio mp3 from Cloud SJ – 3.92 MB
Continue reading “Kandulu Bindu Hanga Ganna – Sanath Nandasiri – Lyrics Mp3”