කුරුටු ගෑ ගී පොතේ – නන්දා මාලිනී – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-28
කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ
ඔබෙන් පෙරදා උගෙන කවි කම්
ලියූ කවි ගීතිකා
ඔබේ නාමෙන් හැඬූ කඳුලෙන්
ගයමි මම කිවිඳුනේ
කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ
මියුරු කවි වැල් කුරිරු ස්වරයෙන්
ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිඳුන් කුමට කවි කම්
කිවිඳ මට කවි ලොවේ
කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ
ගායනය – විශාරද නන්දා මාලිනී
ගී පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තනුව – ස්ටැන්ලි පීරිස්
Play / Download – Kurutu Ge Gee Pothe – sample audio in mp3 format on Cloud SJ – 3.49 MB
Continue reading “Kurutu Ge Gee Pothe – Nanda Malini – Lyrics Audio Mp3”