තනිවී සිටින්නයි මා – මිල්ටන් මල්ලවආරච්චි – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-27
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
මගෙ පාළු ලෝකයේ තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
ගායනය – මිල්ටන් මල්ලවආරච්චි
ගී පද රචනය – ක්ලැරන්ස් විජේවර්ධන
ගී තනුව – ක්ලැරන්ස් විජේවර්ධන
Play / Download – Thaniwee Sitinnai Ma – sample audio in mp3 format on Cloud SJ – 3.78 MB
Continue reading “Thaniwee Sitinnai Ma – Milton Mallawarachchi – Guitar Chords Lyrics Audio Mp3”