ආදරේ රන් බිඟුන් – මර්වින් පෙරේරා – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-25
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලඳේ
ගලන ගඟුලක් ලෙසින් දුටූ
ඔබයි මිරිඟුව මුවන් නැසූ
ගලන ගඟුලක් ලෙසින් දුටූ
ඔබයි මිරිඟුව මුවන් නැසූ
රසය ඇතිකර පණක් නැසූ
ඔබයි පැණි බිඳ විසක් මුසූ
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලඳේ
රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ
රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ
ලෙවන් කීවත් ලඳේ එසේ
සුපුන් සඳ ඔබ තමයි මගේ
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලඳේ
ගායනය – මර්වින් පෙරේරා
ගී පද රචනය – කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගී තනුව – පුණ්‍යසිරි මහවත්ත
Play / Download – Adare Ran Bingun Nesu – sample audio in mp3 format on Cloud SJ – 2.79 MB
Continue reading “Adare Ran Bingun – Mervin Perera – Guitar Chords Lyrics Audio Mp3”