කරදිය ගැඹරේ – එඩ්වඩ් ජයකොඩි – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-24
කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ
අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළු ගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ
දුම් රොටු අතරේ කම්හල් ඇතුළේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ
කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ
ගායනය – එඩ්වඩ් ජයකොඩි
ගී පද රචනය – ප්‍රේමකුමාර ජයවර්ධන
ගී තනුව – රෝහණ වීරසිංහ
Play / Download – Karadiya Gembare – sample audio in mp3 format on Cloud SJ – 3.04 MB
Continue reading “Karadiya Gembare – Edward Jayakody – Guitar Chords Lyrics Audio Mp3”