සඳ කුමාරි මගෙ මනාලි – චන්දන ලියනාරච්චි – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-11
සඳ කුමාරි මගෙ මනාලි
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි
මං කවුළුව හැර තබාවි
ඇය සේළ පලස එළාවි
පිනි බින්දු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි
සඳ කුමාරි මගෙ මනාලි
කළු වලාකුළක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි
මට හෙඳටම දුක හිතේවි
රැය එළි වෙනකන් හඬාවි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි
ගායනය – චන්දන ලියනාරච්චි
ගී පද රචනය – ධම්මික බණ්ඩාර
ගී තනුව – ඩැනිස්ටර් පෙරේරා
Play / Download – Sanda Kumari Mage Manali – audio mp3 from Cloud SJ – 2.93 MB
Continue reading “Sanda Kumari Mage Manali – Chandana Liyanarachchi – Guitar Chords Lyrics Mp3”